



තුන් ලොවට අග්‍ර වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා ෂඞ් වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් බබලන්නා වූ තිලෝගුරු බුදුපියාණන් වහන්ස, ඔබ වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලූල්ලේ දාන, ශීලාදි දස පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා පූරණය කළ සේක. ඇස්, හිස්, මස්, ලේ දන් දුන් සේක. අඹු දරුවන් දන්දුන් සේක. උතුම් වූ මග ඵල නිවන් අවබෝධ කරගත් සේක. අනන්ත වූ ගුණයෙන් යුක්ත ඔබ වහන්සේගේ ගුණ කඳ මෙතෙකැයි වචනයෙන් විස්තර කළ නොහැක. සදහම් ප්‍රදීපයක් වූ ඔබ වහන්සේට මම වන්දනා කරමි. මහා කාරුණිකයන් වහන්ස ත මට ඔබ වහන්සේ හැර අන් සරණක් නැත්තේය.ප්‍රඥාව අවදි කරවන්නා වූ ඔබ වහන්සේ සරණ යමි. ඔබ වහන්සේගේ පා පියුම් යුග අචල ශ්‍රද්ධාවෙන් යුක්තව මම වන්දනා කරමි.
සාධු … සාධු … සාධු …!!!!
දහම් පොත්, දහම් සී.ඩී, දහම් සාකච්චා, දහම් ලිපි, ආදිය නොමිලේ ලබා ගැනීම සඳහා කැමැත්ත විමසීමේ පත්‍රිකව