“මහණෙනි, ආදරයෙන් සේවනය කරණ ලද වඩන ලද බහුල වශයෙන් කරණ ලද යානාවක් මෙන් කරණ ලද වස්තුවක් මෙන් කරණ ලද එළඹ සිටියාවූ (හැම අයුරෙන්ම) පුරුදු කරන ලද මොනවට පටන්ගන්නා ලද මෙත්තා චෙතොවිමුක්තිය (සිතේ මිදීම) පිළිබඳ ආනිශංස එකොළසක් කැමති විය යුත්තාහ. කවර එකොළසක්ද යත් :- සුවසේ නිදයි. සුවසේ පුබුදියි නපුරු සීන නොදකියි. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත් මොහුගේ ශරීරයෙහි ගිනි හෝ විෂ සැත් හෝ නොපිවිසේ. වහා සිත එකඟ වෙයි. මුඛ වර්ණය වෙසෙසින් පැහැපත් වේ. නොමුළාව කළුරිය කෙරෙයි. (මෛත්‍රී සමාපත්තියෙන්) මත්තෙහි රහත් වන්නට නොහැකිවී නම් (මරණින් මතු) බඹලොව උපදින්නේ වේ.
“(ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. (ප්‍රදෙශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත.
“සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද, දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද?
“සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය පස් අයුරකින් වේ. සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය අට අයුරකින් වේ. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය දශ අයුරකින් වේ. (ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර පස් අයුරකින් වේද, යත්:- සියලු සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු ප්‍රාණීහු (මෙහි (ii) යොදන්න) සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සියලු ආත්මභාවයට ඇතුළත්වූවෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වායි ප්‍රදෙශ සීමා රහිතව පතුරුවන මෛත්‍රි චිත්ත විමුක්තිය මේ පස් අයුරෙන් වේ.
(ප්‍රදෙශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර අට අයුරකින් වේදයත් :- සියලු ස්ත්‍රීහු (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාවය පරිහරණය කෙරෙත්වා (iii) සියලු පුරුෂයෝ (මෙහි (ii) යොදන්න) සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ (අපායගතවූවෝ) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ, දුක් රහිත වූවෝ සුවපත්ව ආත්ම පරිහරණය කෙරෙත්වායි (ප්‍රදෙශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රීචිත්ත විමුක්තිය මේ අට අයුරින් වේ.
“දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර දශ අයුරකින් වේද? සියලු පූර්ව දිශාවෙහි සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිතවූවෝ, දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු පශ්චිම දිශාවෙහි සත්වයෝ (මෙහි (ii) යොදන්න) සියලු උත්තර දිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ දිශාවෙහි සත්වයෝ සියලු පූර්ව අනුදිශාවෙහි සත්වයෝ සියලු පශ්චිම අනුදිශාවෙහි සත්වයෝ සියලු උත්තර අනුදිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි සත්වයෝ සියලු අට දිශාවෙහි සත්වයෝ සියලු මතු දිශාවෙහි සත්වයෝ (iv) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා.
“සියලු පූර්ව දිශාවෙහි ප්‍රාණීහු (මෙහි 4 ඡේදයේ (iv) යොදන්න) භූතයෝ පුද්ගලයෝ ආත්මභාව පර්යාපන්නයෝ (ශරීර ඇත්තෝ) සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යයෝ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. සියලු පශ්චිම දිශාවෙහි විනිපාතිකයෝ (අපායගතවූවෝ) සියලු උත්තර දිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ දිශාවෙහි විනිපාතිකයෝ සියලු පූර්ව අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු පශ්චිම අනු දිශාවෙහි විනිපාතිකයෝ සියලු උත්තර අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු හෙට්ඨිම අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු උපරිම අනුදිශාවෙහි විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය මේ දස අයුරෙන් වේ.
ත්‍රිපිටකය » ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » යුගනද්ධවග්ගො » මෛත්‍රී කථා